JVM කියන්නෙ මොකක්ද?
JVM එක ගැන කෙටියෙන් කියනවනම් JVM කියන්නෙ Java Virtual Machine. මේකෙන් කරන්නෙ Byte Code Execute කරන එක. එහෙම නැත්තම් මේකෙන් කරන්නෙ Byte Code එක අපි Install කරලා තියෙන Operating System එකට තේරුම් ගන්න පුලුවන් විදියට Convert කරන එක. මං කලින් කිව්වනෙ Windows, Mac, Linux වලට වෙන වෙනම අදාල JRE හෝ JDK එක ගන්න ඕන කියලා. ඉතිං අපේ Program එක මොන විදියේ එකක් උනත් අපේ Operating System එකට තේරුම් ගන්න පුලුවන් විදියට Convert කරනවා. අපි වෙනස් වෙනස් ජාවා Program 3ක් Run කරනවා කියලා හිතන්නකෝ. එතකොට අපේ Machine එකේ JVM 3ක් Create වෙනවා. නමුත් මේක වැඩ කරන විදිය ගොඩක් අය දන්නෙ නෑ. Virtual Machine වර්ග 2ක් තියෙනවා. ඒවා SVM (System Based Virtual machine), AVM (Application Based Virtual Machine). SVM වලට Hardwareත් ඇතුලත් වෙනවා. උදා:- Hypervisor, Xen. AVM වලට Hardware ඇතුලත් වෙන්නෙ නෑ. මේකට Software එකක් ඕන වෙනවා තවත් Software එකක් Run කරන Environment එකක් විදියට. උදා:- JVM (Java Virtual Machine), CLR (Common Language Runtime) , PVM (Parrot Virtual machine). JVM එකේ ප්‍රධාන කාර...