ජාවා කියන්නේ මොකක්ද?
කවුරු හරි ඇහුවොත් ජාවා කියන්නෙ මොකක්ද කියලා? මොකක්ද ඔයාගෙ උත්තරය? ජාවා කියන්නෙ Object Oriented Programming Language එකක් කිව්වොත්? ඒ පිලිතුර වැරදි නම් නෑ. හැබැයි C# කියන්නෙත් Object Oriented Programming Language එකක්නෙ. ඒත් Object Oriented කියන්නෙ මොකක්ද? Object Oriented අපි use කරන්නෙ code duplicate වෙන එක නවත්තන්න. මේකෙන් එකම command එක අපිට නැවත නැවත use කරන්න පුලුවන් rewrite කරන්නෙ නැතුව.
ජාවා කියන්නෙ Platform Independent Programming Language එකක්. මේක අනිවාර්යයෙන් කියන්න ඕන. මොකද Platform Independent කියන්නෙ අනිත් Programming Language වලට නැති Feature එකක්. එතකොට Platform Independent කියන්නෙ? Platform එකක් කියන්නෙ Program එකක් Run කරන්න පුලුවන් Hardware හෝ Software Environment එකක්. ජාවා Program එකක් නිකන්ම Run කරන්න බෑ. අපිට ඕන වෙනවා JVM කියල එකක්. මං JVM එක ගැන ඊලග ලිපියෙන් කියන්නම්. ඉතින් මේ JVM එක උඩ තමයි ජාවා Program එකක් Run වෙන්නෙ. JVM එක Internet එකෙන් Download කරන්න ගියොත් ඔයාලට එහෙම එකක් හොයාගන්න බැරිවෙයි. මොකද ඇත්තටම ඒක එන්නෙ JRE හරි JDK එක්ක හරි විතරයි. Developer කෙනෙක් විදියට අපිට මේ දෙකෙන් JDK කියන එක ඕන වෙනවා. අපි හිතමු JDK Install කලා කියලා. එතකොට ඔයාලගෙ Computer එකේ JVM එකට ඕන වෙන Code ටික Deploy වෙනවා. ඉතින් මේ JRE, JDK කියන දෙකම Platform Dependent. ඒ කියන්නෙ Windows, Mac, Linux වලට වෙන වෙනම Download කරන්න ඕන. අපේ Java Program එක මේ JVM එක උඩ Run වෙන හින්ද අපි මොන Platform එකක් පාවිච්චි කලත් ඒකෙ වැඩ කරනවා. මේකට තමයි Platform Independent කියන්නෙ.
සම්පූර්ණ පිලිතුරක් දුන්නොත් ජාවා කියන්නෙ Platform Independent, Object Oriented, High Level, Case Sensitive, Secured Programming Language එකක්.

Comments
Post a Comment